ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ කසකස්තාන් සමූහාණ්ඩුවේ තානාපති සර්ජි වික්ටෝරොව් (Sergey Viktorov) මහතා අතර සාකච්ඡාවක් අද (05) දින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී කසකස්තානයේ කෘතිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථානවල ප්‍රගතිය, මෙරට ජාතික කෘතිම බුද්ධි මුලපිරීම් සහ GovTech ආකෘති හරහා රජයේ මෘදුකාංග විසඳුම් ලබා දීම පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම කසකස්තානයේ තාක්ෂණික පද්ධතියට ශක්තියක් වන තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් අධ්‍යාපන රාමු පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණි.
තොරතුරු හුවමාරුව, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය, ධාරිතා වර්ධනය සහ දෙරටේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තාක්ෂණික ආයතන අතර හවුල්කාරිත්වයන් ඇතුළු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ හැකියාවන්, ද්විපාර්ශ්වික සහයෝගීතා අවස්ථා පිළිබඳව ද මෙම සංවාදයේදී අවධාරණය කෙරිණි. නවෝත්පාදනය, ඩිජිටල් පරිවර්තනය සහ ඩිජිටල් ආර්ථිකය තුළ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වර්ධනයක් ඇති කිරීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වන දෙපාර්ශවයේ උත්සාහයන් සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණ.






































Rebuilding Sri Lanka Fund
Contact for more information
Local:1800
International : +94 112001800
Google ආයතනය සමඟ සම්බන්ධ වෙමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශකත්වය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනට A සහ B ශ්‍රේණියේ මාර්ග පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු කර තිබේ. Google ආයතනය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත Google GMCP (google Map content partner) ලබා දී ඇති අතර මේ හේතුවෙන් මෙම යාවත්කාලීන කිරීම් මර්ග සංවර්ධන අධිකාරියට සිදු කිරීමේ අවකාශය හිමි ව ඇත.




